අම්මා කෙනෙකු මිස නුබ මගේ බිරිද ලෙස,නොහැගේ ලගින් හිද මගෙ හිස සිබින සද..♥

අම්මා කෙනෙකු මිස නුබ මගේ බිරිද ලෙස,නොහැගේ ලගින් හිද මගෙ හිස සිබින සද..♥

Wednesday, November 20, 2013

මම ඇමතූවෙමි ඇය.. .. .. හෙලෝ........හෙලෝ....හෙලෝ මම *** අයියා"______

සියල්ල නිශ්ෂබ්ද විය.නොසිතූ ලෙස මේ ජීවිතය තුලමඑය ආපසු වරක්මා හද පෙලයිඒ ඇගේ නිහඬ බවයි....එනම්,ඇය මා හට වරදක් කර ඇත.ඇය නිවැරදිද නැතිනම් වැරදිදයන්න මට, ඔබට නැතිනම් අපට තීරණය කල හැක්කක් නොවේ... එම තීරණය ගත යුත්තේ ඇය විසිමිනි.. දිනක ඇගේම හදවත ඇය පිලිබදව ඇයට අවසන් නිගමනය ලබා දෙනු ඇත... ... ...එදිනටත් මම ඇය වෙනුවෙන් බලා සිටිමි._____ HiRu

Thursday, November 7, 2013

මචං....

කඳුලු එක්කර ලියපු හීනේ
ඒ කඳුලු වල අයිති කාරී
මටත් නොකියම ඈත ඉගිලී
මක් කරන්නද මෙමා තනිවී

ඇයත් ඈ හට අයිති නෑ අද
මටත් මවම අහිමි වී ඇත
දෙකොනකට වී ඈ.මා
නිමාවී නැත අප සෙනේ

මචං....
මගෙන් සොරකම් කලත් ඈ උඹ
පලිය ගන්නට සිතෙයි සැමවිට
කෙලෙස නම් මම එය කරන්නද
මගේ ජීවිතේ වූ ඇයව රිදවා

දෑස තෙත් වී කඳුළු වැටුනා
කඳුලු වියලී නුඹව දුටුවා
නුඹව දුටු දිනට පෙර දින
අනේ මා මියැදුනා නම්.........<3 HiRu

Wednesday, November 6, 2013

ඕනම තැනක සිංහලින් කොටන්න මෙන්න බාන්ඩෙ

ගොඩාක් අයට තියෙන අවුලක් තමයි සිංහලෙන් ටයිප් කරන එක.මෙන්න ඒකට සරල විසදුමක්....
ඕන තැනක හිතේ හැටියට කොටන්න.



නෙට් එකේ Search පාරක් දාපු ගමන් ඕන තරම් සොෆ්ට්වෙයා නම් තියෙනව.ඒත් මට නම් ලැබුන සරලම හොදම එක මේක, අනික තමා මේක හරිම පොඩි සොෆ්ට්වෙයා එකක්.



මෙතනින් ඩවුන්ලෝඩ් කර ගන්නකො මුලින්ම.


ඔයාලගෙ යතුරු පුවරුවේ Pause/Break කියන key එකෙන් 


බාශාවන් දෙක අතර් මාරුවෙන්න පුලුවන්.
ඒ වගේම CAPS LOCK on කරාම ලොවෙත් ගහන්න බැරි අකුරුත් හග ගන්න පුලුවන්.ඔය Helper කියන එක on කරගතම තවත් ලේසී වැඩේ...






Tuesday, November 5, 2013

අන්ත්‍ර්ජාලයේදී ඔබේ ඇස් ආරක්ශා කරගන්න.



අපි හැමෝම වගේ අන්තර්ජාලයේ පයගානක් ඉන්නකොට අපි නොදැනුවත්වම  දිගට Monitor එක දිහා බලන් ඉන්නවා.


ඉතින් එහෙම බලන් ඉන්නකොට මොනිටර් එකේ Brightness එක අඩු , වැඩි ප්‍රමාණය අනුව ඔයාගේ ඇස් දෙකට වන හානිය ගැන ඔබ සිතුවාද ?මෙලෙස ඒකාකාරී ලෙස බලා සිටීමේදි අස් වියලෙනව..
Watery layer එක වියලි බව වැඩි වෙනව.තේරෙන බාශාවෙන් කියනව නම් , ඇහි පිය ගහන එක අඩු උනාම ඇහට එන කඳුලු ප්‍රමානය අඩු වෙලා ඇස් වියෙලෙනව.ඒ වගේම මොනිටර්යෙන් ලැබෙන විවිදාකාර ආලෝකය නිසා වියලි ඇස් විඩාවට පත් වෙනව.

ඉතින් ඔයාලට දැන් ඒ ගැන වද වෙන්න ඕනේ නෑ.මේ Extension එක   ඔයාගේ ගූගල් ක්‍රෝම් බ්‍රවුසර් එකට දා ගන්න.ඇස් ආරක්ශාකරගන්න.
මෙන්න.


ඔයාට ඕනේ ගානට Brightness එක හදා ගන්න පුලුවන් ඒකට මේ Extension එක ගූගල් ක්‍රෝම් එකට ඇඩ් කර ON (Alt + F5 Turn On) කරලා Alt + Arrow key up and down වලින් Adjust කරන්න.


අකුරු හතර...#



හීන ඇහින්දට 
පාට දකින්නට
අප නෙත් නැත 
පින් පිරුවේ
තරු කැට දිලුනට 
මල් පෙති පිපුනට
නිවි පරව යන 
බව දුටුවේ.......
අපි හමුවුවට 
සෙනහස බැන්දට
මගේ සිත විතරයි 
දුක් වින්දේ
සෙනහ අහසට 
මවමින් සිත යට
සිතමයි මා 
රවටා ගත්තේ.......
සමනල හිතකට 
කදුලැලි වැටුනට
කිසිවෙක් නැහැ 
එය දැක්කේ
මෙත් මල් සුවඳට 
බුදු බණ පදයට
ඇවිලෙන ගින්දර 
නිවි ගියේ....
සිත් අපේ බැදුනට 
දුක මට දැනුනට
කෙලස ඈතට 
පියඹන්නේ...
මම සමුගත්තට 
ආය නොදැක්කට
නුඹ හැමදා
මතකේ ඉන්නේ..... HiRu