හීන ඇහින්දට
පාට දකින්නට
අප නෙත් නැත
පින් පිරුවේ
තරු කැට දිලුනට
මල් පෙති පිපුනට
නිවි පරව යන
බව දුටුවේ.......
අපි හමුවුවට
සෙනහස බැන්දට
මගේ සිත විතරයි
දුක් වින්දේ
සෙනහ අහසට
මවමින් සිත යට
සිතමයි මා
රවටා ගත්තේ.......
සමනල හිතකට
කදුලැලි වැටුනට
කිසිවෙක් නැහැ
එය දැක්කේමෙත් මල් සුවඳට
බුදු බණ පදයට
ඇවිලෙන ගින්දර
නිවි ගියේ....
සිත් අපේ බැදුනට
දුක මට දැනුනට
කෙලස ඈතට
පියඹන්නේ...
මම සමුගත්තට
ආය නොදැක්කට
නුඹ හැමදා
මතකේ ඉන්නේ..... HiRu
No comments :
Post a Comment